April 19, 2024

තලේබාන් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

පාකිස්තානය තුළ කි‍්‍රයාත්මක වන විදේශීය සමාගම්වලට වහා රටින් පිටවන ලෙස පාකිස්තාන තලෙයිබාන් සංවිධානය 16 වැනි දා අනතුරු ඇඟවීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන හමුදා විසින් උතුරු වසිරිස්ථාන් ප‍්‍රදේශයේ තලෙයිබාන් ඉලක්ක වෙත දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

පාකිස්තාන - තලෙයිබාන් ප‍්‍රකාශක ශහිඩුල්ලා ශහීඞ් ප‍්‍රකාශ කළේ සියලුම විදේශීය ආයෝජකයන්, ගුවන් සමාගම් සහ බහුජාතික සමාගම් පාකිස්තානය තුළ සිය මෙහෙයුම් නතර කොට වහා රටින් පිට විය යුතු බවයි.

කරච්චි ගුවන් තොටුපළට එල්ල වූ තලෙයිබාන් ප‍්‍රහාරයෙන් අනතුරුව පාකිස්තාන හමුදා නව මෙහෙයුම් ආරම්භ කර ඇත.

 

Rate this item
(0 votes)