April 25, 2024

ඉතිහාසයේ සිටි කෘරත ම කාන්තාව 

1508 අගෝස්තු 08 වැනි දා සිට 1614 අගෝස්තු 21 වැනි දා දක්වා කාලය තුළ සිටි ආදිපාද එලිසබත් බැතරි නම් කාන්තාව ඉතිහාසයේ සිටි කෘරත ම කාන්තාව වේ.

හංගරි රාජ්‍යයේ කීර්තිමත් පැළැන්තියක වූ බැතිරි පවුලේ සාමාජිකාවක්වන ඇය ලොව මෙතෙක් හමු වූ දරුණුත ම ඝාතකයා ලෙස හඳුන්වයි.

ඇය විසින් සිදු කළ අපරාධ ප්‍රමාණය මේ වනතෙක් කිසිදු පුද්ගලයෙක්ට නිෂ්චිත වශයෙන් සොයා ගැනීමට හැකියාව ලැබී නොමැත.

වාචික ව ලැබෙන සාක්ෂිවලට අනුව ඇය සිදු කළ මිණී මැරුම් ප්‍රමාණය 300 කට වැඩි බව වාර්තා වේ.

අංග ඡේදනය කළ මෘත ශරීර සහ ගැහැණු දරුවන්ගේ මෘත ශරීර බැතරි ආදිපාදිවරිය අත්අඩංගුවට ගන්නා යුගයේ දී හමු වී ඇත.

සිය සමෙහි තරුණ බව රැක ගැනීමට මිනිසුන් ඝාතනය කර එම රුධිරයෙන් ස්නානය කරන බවත් ඇය රීරී පිසාචයිට ඇති ලැදියාවත් ඔප්පු වී තිබේ. 

සිය ස්වාමි පුරුෂයාවන ෆෙරෙන්ක් නැඩස්ඩි මරණයට පත්වීමෙන් අනතුරු ව ඔහු සමග සේවය කළ පුද්ගලයින් සිව් දෙනෙක් ඇගේ මිණී මැරුම් සඳහා උදව් කර තිබේ.

වද දීමෙන් එම මිණී මැරුම් සිදු කරන බවත් 650 කට අධික අපරාධ සංඛ්‍යාවක් ඇය විසින් සිදු කර ඇති බවත් 1610 වසරේ දෙසැම්බර් මාසයේ දී හංගරි නගරයේ බලකොටුවක දී ඇය අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

රුධිර ආදිපාදිවරිය සහ ආදිපාද ඩ්‍රැකියුලා යන නමින් ඇය ව වර්තමානයේ දී හඳුන්වයි.

Rate this item
(1 Vote)