April 25, 2024

1960 අද වැනි දවසක 

දකුණු අප්‍රිකාවේ ශාප්විල් නගරයේ දී 50 කට අධික කලු ජාතිකයින් පිරිසක් පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

කලු ජාතිකයින්ට තිබූ විරුද්ධත්වය හේතුවෙන් සහේතුක ව එලෙස වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

ගැහැණු, කුඩා දරුවන් ඇතුළු මිනිසුන් සතුන් මෙන් තැන් තැන්වල වැටී මරණයට පත් ව සිටි බව එය ඇසින් දුටු පුද්ගලයෝ පෙන්වා දී තිබේ.

5,000 ක් පමණ පිරිසක් රැස් ව සිටි ස්ථානයකට පොලිස් නිලධාරීන් 300 ක් පමණ අහඹු ලෙස පැමිණ එම වෙඩි තැබීම සිදු කර ඇත.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් ජොහෑන්ස්බර්ග් ආසන්නයේ පිහිටි භරග්වනාත් රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

මේ වනතෙක් ම එම වෙඩි තැබීම කුමන හේතුවක් නිසාවෙන් සිදු කළා ද යන්න අනාවරණ වී නොමැත.

එරට වේලාවෙන් පස්වරු 01.15 ට පමණ එම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළ පිරිසක් පොලීසියට ගල්වලින් පහර දී තිබේ.

සෑම කලු ජාතික හැහැණියකගේ ම සහ කලු ජාතික පිරිමි පුද්ගලයෙකු ම තමා පිළිබඳ විස්තර ලියන ලද පොතක් ළඟ තබා ගත යුතුය. එය නීතියක්වන අතර කිසියම් හෝ පුද්ලයෙක් එම පොත නොමැති ව පොදු ස්ථානය රැඳී සිටියහොත් පොලීසියට අත්අඩංගුවට ගෙන දින 30 ක් රඳවා ගත හැකි ය.

එම ස්ථිර වූ නීතියට විරුද්ධත්වය පළ කරමින් 7,000 කට ආසන්න පිරිසක් ශාප්විල් පොලීසිය අසලට පැමිණ විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)