March 29, 2024

කිරුළ අතහැර කඳුළු සලයි

දේශපාලන ක්‍රියාකාරකයින් සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් පළ කිරීම හේතුවෙන් විශ්ව රූ රැජිණ තරගය සඳහා තායිලන්තය නියෝජනය කළ වෙලුරි දිත්සායාබුට්ට (Veluri Ditsayabut) කිරුළ අතහැර දමන්නට සිදු ව තිබේ.

ඇය මීට මාස කිහිපයකට පෙර " යක්ෂ දේශපාලන ක්‍රියාකාරකයින් එල්ලා මැරිය යුතු ය " යන්න  Facebook වෙබ් අඩවිය ඔස්සේ සඳහන් කර ඇත.

එම ප්‍රකාශය Facebook භාවිත කරන පිරිසගේ සහ දේශපාල ක්‍රියාකාරීන් ද දැඩි විරෝධයට ලක් විය.

රූ රැජිණක් සාමය පිළිබඳ මිස එල්ලා මැරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු නොකළ යුතු බවට ඇයට චෝදනා ලැබ තිබේ.

එසේ ම ඇය තායිලන්තය නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරගයට සහභාගී නොවිය යුතු බවට ඔවුහු බල කළ අතර සිය මවට පීඩනයක් නොදිය යුතු බැවින් තමන් කිරුළ අත්හරින බව ද ඇය සඳහන් කර ඇත.

Rate this item
(0 votes)