April 25, 2024

ලොව වටිනා ම මුද්දරයේ කතාව

ලොව වටිනා ම මුද්දරය මේ වනවිට ලන්ඩන් නගරයේ ප්‍රදර්ශණයට තබා ඇතැයි වාර්තා වේ.

එය තව නොබෝ දිනකින් අමෙරිකානු ඩොලර් මිලියන 20 කට පමණ අළෙවිවනු ඇතැයි අපේක්ෂා කරයි.

එම මුද්දරය 1856 දී දකුණු අමෙරිකාවේ බ්‍රිතාන්‍ය ජනපදයක මුද්‍රණය කළ අතර එහි වටිනාකම ශතයකි. දම්පැහැති කඩදාසියක එය මුද්‍රණය කර ඇත.

එම මුද්දරය අවසන් වරට ප්‍රදර්ශනය කරන ලද්දේ 1986 වසරේ දී ය. අවස්ථා 03 ක දී පමණක් එම මුද්දරය ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකිණී ඇති අතර එම අගය මුද්දරයක් සඳහා වූ ඉහළ ම අගය සඳහා ලෝක වාර්තාවක් ද තබා තිබේ.

නිව්යෝර්ක්හි ජුනි 17 වැනි දා පවත්වන වෙන්දේසියේ දී එම තැපැල් මුද්දරය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20 ක මිලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

1873 දි දකුණු අමෙරිකාවේ ඇති  බ්‍රිතාන්‍ය කොලනියක් වූ ගුආනා හි වාසය කරන ස්කොට්ලන්ත ජාතික ළමයෙකුට තම පවුලේ තොරතුරු සටහන් ව ඇති කඩදාසි අතර තිබී හමු වී ඇති එම මුද්දරය ඔහුගේ මුද්දර එකතුවට එක්කරගෙන තිබේ. එහෙත් එම මුද්දරය දුර්ලබ ගනයේ එකක් බව ඔහු දැන නොසිටි බව වාර්තා වේ.

අනතුරු ව එම ළමයා විසින් එම වසරේ දී ම අඩු මුදලකට මුද්දරය විකුණා ඇති අතර වසර 05 ක් තුළ ඕස්ට්‍රෙලියානු වංශාධිපතියෙක් හා කීර්තිමත් මුද්දර එකතුකරන්නකු වූ පිලිපේ ලා රෙනොටයිරේ වොන් ෆිරරෙගේ මුද්දර එකතුවට ගෙන තිබේ.

එම වංශාධිපතියා තම මුද්දර එකතුවේ උරුමය බර්ලින් කෞතුකාගාරයට පවරා දීමෙන් පසු ව 1920 දී පළමු ලෝක යුද්ධයේ ජර්මනියේ වන්දි ලෙස ප්‍රංශයේ සන්තතියට පත් ව ඇත. ඔවුන් මුද්දරය නිව්යොර්ක්හි ධන කුවේරයෙකුට විකුණා ඇත.

අවසානයේ දී 1980 දී රසායන ද්‍රව්‍ය සමාගමක අයිතිකරුවෙක් වූ ජෝන් ඩු පොන්ට් වාර්තාගත මිලක් වූ පවුම් 560,000 ක මුදලකට එම මුද්දරය ලබාගෙන තිබේ.

දැන් සෝතිබිස්ගේ වෙන්දේසි කරුවන් විසින් මුද්දරය යළි වෙන්දේසි කිරීමට සූදානම් ව ඇතැයි වාර්තා වේ. සිය වෘත්තීය ජීවිතයේ හමු වූ විශ්මය ජනක දෙය නම් මෙම මුද්දරය බව එම සමාගමේ අධ්‍යක්ෂ ඩේවිඩ් රෙඩන් පවසයි.

Rate this item
(0 votes)