April 20, 2024

කරච්චි ගුවන්තොටුපොළ ආරක්ෂ නිලධාරී නේවාසිකාගාරයකට ප්‍රහාරයක් 

කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ගුවන්තොටුපොළ ආරක්ෂ නිලධාරීන්ගේ නේවාසිකාගාරයකට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැත.

කෙසේ වුව ද කරච්චි ගුවන්තොටුපොළේ සියළු ගුවන් ගමන් තාවකාලික ව අවලංගු කර ඇත.

09 වැනි දා රාත්‍රියේ කරච්චි ගුවන්තොටුපොළට පාකිස්තානය තුළ කි‍්‍රයාත්මක තලෙයිබාන් සටන්කාමීහු විසින් ප‍්‍රහාරයක් එල්ල කළහ.

එම ප‍්‍රහාරයේ දී ත‍්‍රස්තවාදීන් ඇතුළු පුද්ගලයින් 37 දෙනෙක් මරණයට පත් විය.

Rate this item
(0 votes)