March 29, 2024

ඩුබායි මහ පාරේ ඉර අව්වෙන් බිත්තර ඔම්ලට්

සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල කරමින් ඩුබායිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා පසුගිය දා ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

එලෙස උෂ්ණත්වය ඉහළ ගිය නගර අතර හමීම්, අල් ක්වා, මුකාරිස් රුවොල්ඩා ස්වයිහිම් සහ අම් අල් සුමෝල් ද වේ. 

එම ප‍්‍රදේශවල උෂ්ත්වය සෙල්සියස් අංශක 47 ත් 50 ත් අතරවන බව වාර්තා වේ. 

එසේ ම අද (10) දිනයේ ඩුබායිහි උෂ්ණත්ව මේ වනවිට සෙල්සියස් අංශක 39 ක අගයක් ගෙන ඇති බව බීබීසී ලෝක සේවය ප්‍රකාශ කරයි. රියාද්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ක් වේ.

ඒ අතර ඉන්දියාවේ නවදිල්ලියේ ද උෂ්ණත්වය වෙනදාට වැඩියෙන් ඉහළ ගොස් ඇති බව ඉන්දීය වාර්තා පෙන්වා දේ. එය වසර 62 ක ඉහතිහාසයේ නවදිල්ලියෙන් වාර්තා වූ වැඩි ම උෂ්ණත්වය ද වේ. එය දැක්වුණේ සෙල්සියස් අංශක 47.4ක් ලෙසිනි.

මීට පෙර එවන් උෂ්ණත්වයක් නවදිල්ලියෙන් වාර්තා වූයේ 1995 ජුනි මස 16 වැනි දා ය.

ඩුබායිස් උෂ්ණත්වය ඉහළ යාම කෙතෙක්දැයි දැන්වීම සඳහා ඡායාරූප පල ව තිබුණේ මෙලෙසයි.

Rate this item
(0 votes)