March 29, 2024

තල්මසුන් දඩයම නැවතත්

ජපානයේ වාර්ෂික ව කෙරෙන තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට දරන උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ජපාන අගමැති ශින්සෝ අබේ (Shinzo Abe) සඳහන් කරයි.

1986 වසරේ තල්මසුන් දඩයමට එරෙහි අන්තර්ජාතික තහනමක් පැන වුව ද විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් තල්මසුන් මැරීමට අවසර දී තිබේ.

එම අවසරය අන්තර්ජාතික නීතියෙන් ගැලවීමේ උපාය මාර්ගයක් ලෙසට යොදා ගනිමින් ජපානය නොනවත්වා තල්මසුන් දඩයමේ යෙදී සිටී.

ජපානය තුළ සිදු කරන තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා නොවන බවත් එය සැඟ වී කරන නීති විරෝධී තල්මසුන් වෙළෙඳාමක් බවත් අන්තර්ජාතික අධිකරණය පැවසීමත් සමග 2014 වසරේ දී තල්මසුන් දඩයම නැවැත්වීමට ජපානයට සිදු වී තිබේ.

තල්මසුන් දඩයම පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරීමට තමා උත්සාහ දරණ බව ජපාන අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කර තිබේ.

තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව ජපාන අගමැති ශින්සෝ අබේ වැඩි දුරටත් කියා සිටී.

Rate this item
(0 votes)