April 19, 2024

ආදරවන්තයින්ගේ පාලම ආදරවන්තයින්ට තහනම් (ඡායාරූප සහිතයි)

ආදරවන්තයින් සිය ආදරය සංකේතවත් කිරීම සඳහා පැමිණෙන සුවිශේෂී ස්ථානයක් ලෙස ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි "Pont des Arts" පාලම ලොව පුරා ප්‍රචලිත වී ඇත.

ආදරවන්තයින් එහි පැමිණ සිය ආදරය සංකේතවත් කරමින් ඔවුන් දෙදෙනොගේ නම් සහිත ලොක් (Lock) දෙකකට ඉබි යතුරු දමා එම යතුරු ජලාශයට විසි කිරීම සිදු කරයි.

දශක ගණනාවක් පුරා එහි එල්ලා ඇති ඉබි යතුරුවල බර හේතුවෙන් පාලම කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත් ව ඇතැයි ප්‍රංශ පොලීසිය පෙන්වා දේ.

ඒ හේතුවෙන් පාලම මතට පිවිසීම ඊයේ (09) දිනයේ සිට තහනම් කළ අතර එහි ඇති ඉබි යතුරු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආදරවන්තයින් යම් විශ්වාසයකින් එහි රැඳ වූ ඉබි යතුරු ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බවට ඇතැම්හු චෝදනා කරති.

Rate this item
(0 votes)