April 19, 2024

උතුරු ඇෆ්ගනිස්තානයේ ගංවතුරින් 73 දෙනෙක් මරුට 

උතුරු ඇෆ්ගනිස්තානයට නුදුරු ප්‍රදේශයක ක්ෂණික ව ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 73 දෙනෙක් මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එලෙස මරණයට පත් පිරිස අතර කාන්තාවන් සහ ළමුන් වැඩි පිරිසක් සිටි බවට අනාවරණ වී තිබේ.

බැග්ලාන් ප්‍රාන්තයේ සිදු වී ඇති එම ව්‍යසනය හේතුවෙන් එම ප්‍රාන්ත වැසියෝ දහස් ගණනක් සිය නිවෙස් හැර දමා ගොස් ඇත.

ගුසාර්ගා ඉනූර් දිස්ත්‍රික්කයේ අගනුවරවන පුලි කුම්රිවලට කිලෝමීටර් 140 ක් උතුරු ප්‍රදේශයට එම ආපදාව දරුණු ලෙස බලපා ඇතැයි වාර්තා වේ.

නිවාස 2,000 ක් පමණ විනාශ වී ඇති අතර පුද්ගලයින් 200 දෙනෙක් පමණ අතුරුදන් ව ඇත.

Rate this item
(0 votes)