April 18, 2024

තෙලංගානාවේ සිසු පිරිසක් ජලයේ ගසාගෙන යති

දකුණු ඉන්දියාවේ නව තෙලංගානා ප‍්‍රාන්තයේ සිසු පිරිසක් උතුරු ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගංඟාවක ජලයේ ගසාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

හයිද්‍රාබාද් ඉංජිනේරු විද්‍යාලයේ සිසුන් 24 දෙනෙක් හිමාචල් ප‍්‍රදේශ්හි බියාස් ගං තෙරට ඊයේ (08) පස්වරුවේ ගොස් ඇත්තේ විනෝද චාරිකාවක්  අතරතුර දී ය.

හදිසියේ ආ ජල පහරකින් ඔවුන් ගසාගෙන ගොස් ඇති අතර මිය ගිය සිසුන් 05 දෙනෙකුගේ සිරුරු අද (09) පෙරවරුවේ සොයා ගෙන තිබේ.

අතුරුදන් වූ සිසුන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිටත් කි‍්‍රයාත්මකයි.

Rate this item
(0 votes)