April 20, 2024

ඩුබායිහි සාමාන්‍ය කටයුතුවලට බාධා

ඩුබායිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ ගොස් ඇති බැවින් එහි සාමාන්‍ය කටයුතු රැසකට බාධා එල්ල වී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩුබායිහි මසුරියා, හමීම්, ස්වයිහිම්, අල් ක්වා, මුකාරිස්, අම් අල් සුමෝල් සහ රුවොල්ඩා ආදී ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 - 50 ත් අතරවන බව වාර්තා වේ.

ඒ අතර නවදිල්ලි නගරයේ උෂ්ණත්වය ද සැළකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇත.

වසර 62 කින් අනතුරු ව නවදිල්ලියෙන් වාර්තාවන වැඩි ම උෂ්ණත්වය මේ වනවිට වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 47.4 ක් ලෙස වාර්තා වී ඇත.

මීට පෙර එවන් උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 1995 ජුනි 16 වැනි දා ය.

Rate this item
(0 votes)