April 20, 2024

සිසුවියකට කණ අහිමි වෙයි

අධ්‍යාපන චාරිකාවක් ගොස් යළි නිවස කරා පැමිණෙමින් සිටි පකිස්ථානයේ කාෂ්මීර්හි වැරිනාග් ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල්  සිසුවියකගේ කනක් කපා දමා ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙක් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයින් කණ්ඩායම එම සිසුවිය ලුහුබැඳ ගොස් බස් රථයට ගොඩවන අවස්ථාවේ ඇයට ප්‍රහාරය එල්ල කර තිබේ.

තියුණු ආයුදයකින් පහරදීම සිදු කර ඇති අතර ඉන් දැරියගේ කණ වෙන් ව ගොස් ඇත.

පහරදීමෙන් තුවාල ලැබූ සිසුවිය රෝහල්ගත කර ඇති අතර ප්‍රහාරකයින් ගමන් කරමින් සිටි වෑන් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)