April 19, 2024

සතුන්ගේ ලොම් භාවිතයට එරෙහි කතුන් නිරුවත් වෙයි

සතුන්ගේ ලොම් භාවිත කර ඇඳුම් නිර්මාණය කිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ ඇතැන්ස්හි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සතුන්ගේ ලොම් භාවිත කර ඇඳුම් නිර්මාණය කිරීමට විරෝධය පළ කරමින් පසුගිය දිනෙක චීනයේ කාන්තා සංවිධානයක් ද නිරුවතින් පා ගමනක යෙදෙමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය.

චීනයේ කතුන් පා ගමනින් විරෝධතා ව්‍යාපාරයේ නිරත වුව ද මෙම විරෝධතා ව්‍යාපාරයේ දී ඔවුන් පා පැදි භාවිතා කරයි.

එම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන දිනයේ දී පුරුෂ පක්ෂය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට අපේක්ෂිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)