April 25, 2024

ටජ් මහලේ හුණු ගායි

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ටාජ් මහල් ස්මාරකයේ කිරි ගරුඬ බිත්ති මත හුණු මිශ්‍ර මැටි ආලේපනයක් තවරා පරිසර දූෂණය නිසා හට ගෙන ඇති කහ පැහැති පැල්ලම් ඉවත් කර පිරිසිදු කිරීමට කටයුතු යොදා තිබේ.ආදරයේ සිහිවටනයක් ලෙස දාහත් වන ශතවර්ෂයේ දී ඉදි වූ ටාජ් මහල්හි කිරි ගරුඬ මත හුණු සහිත මැටි ආලේපනය තැවරීමෙන් ඒ මත වූ ස්වාභාවික දිස්නය නැවත ලබා ගත හැකි බවයි ඉන්දීය පුරාවිද්‍යා සංගමයේ නිලධාරියකු පවසන්නේ.මෙසේ හුණු මිශ්‍ර මැටි ආලේපනය යොදා ගනිමින් ටජ් මහලේ ඇති කිරි ගරුඬ බිත්තිවලට පිළියම් යොදන්නේ සිව් වන වරටයි.ලෝක ප්‍රකට ටාජ් මහල් පිහිටා තිබෙන අග්‍රා නුවර අධික ලෙස පරිසරය දූෂණය කෙරෙන කර්මාන්ත ශාලා ගණනාවකට නිවහන වී තිබේ

Rate this item
(0 votes)