March 29, 2024

පකිස්ථානයේ ගුවන්තොටුපොලට ප්‍රහාරයක්

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් 13 දෙනකු පමණ මි‍‍යගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් කරච්චිහි ජින්හා ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැරණි පර්යන්තයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර සටන්කාමින් ද සිටින බවත් බී.බී.සි. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ ය.

ප්‍රහාරය ත් සමග ආරක්ෂක අංශ ගුවන්තොටුපොළ වටලා ඇති අතර මෙහෙයුම් සඳහා කමාන්ඩෝ භටයින් කැඳවා ඇති අතර ප්‍රහාරය එල්ල වූ පර්යන්තයේ සියලු මෙහෙයුම් නවතා ඇති අතර කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන යානා යළි හරවා යවා තිබේ.

ගුවන්තොටුපොළෙහි කාර්ය මණ්ඩලය ද ඉන් ඉවත් කර ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නොමැත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 June 2014 08:34