April 19, 2024

ඉරාකයේ සරසවි සිසුන් මුදා ගනී (ඡායාරූප සහිතයි)

ඉරාකයේ රමාඩි නගරයේ සරසවියකට කඩා වැදුනු සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සිය ගණනක් ආරක්ෂක හමුදා සමග පැවති වෙඩි හුවමාරුවකට පසු නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

බෑග්ඩෑඩ් අගනුවරට බටහිරින් රමාඩි නගරයේ පිහිටි අන්බර් සරසවියේ මුරකරුවන් තුන් දෙනා වෙඩිතබා ඝාතනය කළ ඔවුහු එහි පාලනය තමන් අතට ගෙන තිබූ බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

සරසවියේ නේවාසික ශිෂ්‍යයන්ට නේවාසිකාගාර තුළට වී සිටින ලෙසට ඔවුන් නියෝග කර තිබූ අතර තවත් සිසුන් සහ ගුරුවරුන් රැසක් අනෙකුත් ගොඩනැගිලි තුළ කොටු වී සිටි බව වාර්තා වෙයි.

සරසවිය වැටලූ ඉරාක ආරක්ෂක හමුදා සටන්කාමීන් සමග වෙඩි හුවමාරු කරගත් අතර එහි දී සටන්කාමීන් විශාල ගණනක් මරා දමා ඇති බව එම මාධ්‍ය වාර්තා කර ඇත.

Rate this item
(0 votes)