March 29, 2024

ගල් අඟුරු පතලක වැඩ කළ 19 ක් මියයයි 

චීනයේ ෂැන්සි ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදු වූ අනතුරකින් කම්කරුවන් 19 දෙනෙකු මියගොස් තිබේ.

පතලේ එම අනතුර සිදුවන විට එහි කම්කරුවන් 129 දෙනෙකු පමණ සේවයේ නිරත වී ඇති අතර ඉන් 110 දෙනෙකු දිවි බේරාගෙන ඇත.

අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත. ගින්නක් හෝ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

ලොව පතල් අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් සිදුවන රට ලෙස චීනය සලකනු ලබයි. අනතුරු වැළැක්වීම වෙනුවෙන් ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට බලධාරීන් පියවර ගත්ත ද මෙතෙක් එය සාර්ථක වී නොමැත.

පතල් හිමිකරුවන් වංචනික බලපත්‍ර ලබා ගනිමින් නීති විරෝධීව පතල් පවත්වාගෙන යාම ද ඊට එක් හේතුවක් වී තිබේ.

මීට සති දෙකකට පමණ පෙර ද චීනයේ ගල් අගුරු පතලක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වු අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මරණයට පත් විය.

 

Rate this item
(0 votes)