March 29, 2024

බ්‍රසල්ස් ප්‍රහාරය තවත් ප්‍රරහාර මාලාවක ආරම්භයක්

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිදු වූ බෝම්බ පිපිරීම් තවත් ප්‍රරහාර මාලාවක ආරම්භය බවට එරට බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ.

පිපිරීම සඳහා සම්බන්ධ වූ එක් පුද්ගලයෙකුට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් ද නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපලක සහ උමං දුම්රිය මාර්ගයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් 34 දෙනෙකු මියගොස් 300 දෙනෙකු තුවාල ලැබී ය.

ප්‍රහාර සඳහා පැමිණි හතර දෙනෙකු සීසීටීවී කැමරා දර්ශන මගින් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු ප්‍රහාරයේ දී මියගොස් තිබේ.

ඉන් දෙදෙනෙකු සහෝදරයන් ලෙස හඳුනාගෙන ඇත. ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

බෙල්ජියම් ප්‍රහාරයේ වගකීම අයි.එස්. සටන්කාමීන් පසුගිය දා භාරගනු ලැබී ය.

 

Rate this item
(0 votes)