April 25, 2024

ලෝරන්ස්ගේ මරණය ගෙළ වැළලා ගැනීමක් 

මෝස්තර නිරූපණ ශිල්පිණියක්වන ලෝරන්ස් ස්කොට්ගේ මරණය ගෙළ වැළලා ගැනීමකින් සිදු වූ මරණයක් බව නිව්යෝර්ක් අධිකරණය තහවුරු කරයි.

ඇයගේ තට්ටු නිවාසයේ තිබී සිය සහකාරිය විසින් මෘත ශරීරය සොයා ගැනීමෙන් අනතුරු ව මරණ පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබේ.

දරුණු අපරාධයක් සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොඳ යෙහෙළියක් සහ හොඳ ආදරවන්තියක් වූ ලෝරන්ස්ගේ මරණය තමාට අදහා ගත නොහැකි බව ඇයගේ පෙම්වතාවන සර් මික් ජැගර් පවසා තිබේ.

ඔවුන් දෙදෙනා ඉතා සුන්දර දිවියක් ගත කර ඇති බව සර් මික් ජැගර් සඳහන් කර ඇත.

ලෝරන්ස් ස්කොට්ගේ දිගු කාලීන පෙම්වතාවන සර් මික් ජැගර් ඇයගේ මරණය පිළිබඳ දැන ගැනීමෙන් අනතුරු ව “රෝලීන් ස්ටෝන්ස්“ නමැති සිය චාරිකාව ද කල් දමා තිබේ.

Rate this item
(0 votes)