March 29, 2024

ප්‍රථම වරට පකිස්තානය හෝලි සමරයි

පකිස්තානයේ ප්‍රාන්ත ආණ්ඩුවක් ප්‍රථම වතාවට හින්දු සංස්කෘතික උත්සවයක් වෙනුවෙන් රාජ්‍ය නිවාඩු දිනයක් නම් කිරීමට ක්‍රියා කර තිබේ.

එළැඹෙන සතියේ සැමරෙන හින්දු හෝලි උත්සවය සින්ද් ප්‍රාන්ත මන්ත්‍රණ සභාව විසින් රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇත.

ක්‍රිස්තියානි සහ හින්දු ආගමික සංස්කෘතික උත්සව හඳුනා ගැනීම සඳහා ප්‍රාන්ත ආණ්ඩු අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට නොබැඳෙන නව ප්‍රඥප්තියක් පකිස්තානයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රාන්ත ආණ්ඩුව හෝලි උත්සවය වෙනුවෙන් නිවාඩු දිනය නම් කර තිබේ.

පකිස්තානයේ වැඩි වශයෙන් ජීවත්වන මුස්ලිම් ජනතාව අතරේ සිටින සුළු ජාතිකයන්ට සමාන අයිතීන් ලබාදීම සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන බවට ලබා දෙන සාධනීය පණිවුඩයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බව නව ඤප්තියට සහය සපයන පාර්ශව පවසයි.

කෙසේ වුව ද පාර්ලිමේන්තුව සම්මත කළ නව ප්‍රඥප්තිය අනවශ්‍ය බව පවසන පාර්ශව තර්ක කරන්නේ මේ වන විටත් ලොව අනෙක් රටවල්වලට වඩා වැඩි දින ගණනක් රජයේ නිවාඩු ලෙස නම් කර ඇති පකිස්තානයට තවත් රජයේ නිවාඩු අවශ්‍ය නැති බවයි.

පකිස්තාන ජනගහනයෙන් හින්දු ප්‍රජාව 2%ක් සිටින අතර එම ප්‍රමාණයෙන් බොහෝ පවුල් ජීවත්වන්නේ සින්ද් ප්‍රාන්තයෙයි.

Rate this item
(0 votes)