April 18, 2024

බිල් ගෙට්ස්ගෙන් කොණ්ඩමයක්

ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ අරමුණින් නවීන කොණ්ඩමයක් නිපදවීමට බිල් ගෙට්ස්  තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ සමබන්ධධයෙන් සිදු කෙරෙන සොයා බැලීම් සඳහා  ඕස්ට්‍රේලියානු සරසවියක පර්යේෂකයින් පිරිසකට ඩොලර් මිලියන ලක්ෂයක ආධාරයක් පිරිනැමීමට බිල් ගෙට්ස් පදනම තීරණය කර ඇත.

ඒ අනුව සමට සමාන සංවේදනාවක් සහිත ව එම කොණ්ඩමය නිපදවීමට අවධානය යොමු වී තිබේ.

හයිඩ්‍රොජෙල් තාක්ෂණයට අනුව නිපදවෙන එම කොණ්ඩමය  සවි ශක්තියෙන් ඉහළ ආකාරයට නිපදවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

ක්‍රියාව දැනීම සහ පෙනුමෙන් සමට සමාන ව එම කොණ්ඩම නිපදවීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දේ.

බිල් ගෙට්ස් හා මෙලින්ඩා ගෙට්ස් පදනම එච්අයිවී තුරන් කිරීම සදහා කැප වී කටයුතු කරන සංවිධානයකි.

Rate this item
(0 votes)