March 29, 2024

වෙනිසියුලාවේ ගුවන් ගමන් නවතී 

වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන එරටට කෙරෙන ගුවන් ගමන් නතර කිරීමට එයාර් කැනඩා ගුවන් සේවය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වෙනිසියුලාවේ තත්ත්වය සමථයකට පත්වීමෙන් අනතුරු ව නැවැත ගුවන් ගමන් ඇරැඹීමට සූදානම් බව එම සේවය පෙන්වා දෙයි.

ටොරොන්ටෝ සහ කැරැකස් අතර සතියකට ඉහළ පහළ ගුවන් ගමන් වාර 03 ක් සිදු වී තිබේ.

රට අත් හැර යන සමාගම් කිසිවකට තමන් බලයේ සිටින තුරු නැවැත පැමිණීමට ඉඩ ලබා නොදෙන බව වෙනිසියුලා නායක මදුරෝ ප්‍රකාශ කර ඇත.

මේ වනතෙක් ගමන් වාර සඳහා ගාස්තු ගෙවා ඇති පුද්ගලයින්ට මුදල් ආපසු දෙන බවත් සෙසු පුද්ගලයින්ට තමන් කැමැති වෙනත් ගුවන් සේවයක් තෝරාගත හැකි බවත් එයාර් කැනඩා ගුවන් සේවය දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)