April 18, 2024

ඩොලර් 26 කින් ලොව වටා සංචාරය කිරීමේ අවස්ථාවක් 

ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් ඉහළ මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට ප‍්‍රංශයේ "La Joliverie" පාසලේ ශිෂ්‍යයින් පිරිසක් සමත් වී තිබේ.

එම ශිෂ්‍යයින් නිර්මාණය කළ කිලෝග්‍රෑම් 35 ක් පමණ බරකින් යුත් "Microjoule" නමැති මෝටර් රථය ඉහළ ම ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුත් මෝටර් රථය ලෙස හැඳින්විය හැකි ය. 

(Shell European Eco-Marathon) තරගාවලිය සඳහා තරග කිරීමේ අරමුණින් එම මෝටර් රථය නිර්මාණය කර තිබේ.

ලොව ඉහළ ම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මෝටර් රථය තේරීමේ අදහසින් එම තරගය පවත්වා ඇති අතර තරගකරුවන් 200 ක් පමණ පරාජය කරමින් එම මෝටර් රථය ප්‍රථමස්ථානය හිමි කර ගෙන ඇත.

සියල්ලන් මවිතයට පත් කරමින් එම මෝටර් රථය එක් ඉන්ධන ලීටරයකින් සැතපුම් 2,072ක් පමණ ධාවනය කර තිබේ.

එය සම්පූර්ණයෙන් ම කාබන් ෆයිබර්වලින් නිර්මාණය කර ඇති එම මෝටර් රථයෙන් ලොව වටා සංචාරය කිරීමට ඩොලර් 26 ක් පමණක් වැයවන බවත් රියැදුරාගේ අව ම බර කිලෝග‍්‍රෑම් 50 ක් පමණ තිබිය යුතු බවත් වාර්තා වේ.

සාමාන්‍ය ඉන්ධනවලින් ක‍්‍රියාත්මකවන දහන එන්ජිමක් පවතින බවත් එසේ ම ඉන්ධන වශයෙන් පෙට්ට‍්‍රල් හෝ එතනෝල් භාවිතා කිරීමට හැකියාව පවතින බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 June 2014 15:04