March 29, 2024

සරාගි නිළි මල්ලිකා ඉන්දීය ධජය ඇඳ ගනී 

ඉන්දියාවේ සාරාගී නිළියකවන මල්ලිකා ෂෙරාවත් ඉන්දීය ජාතික කොඩියේ වර්ණවලට සමාන වර්ණ සහිත රෙදි කඩකින් සිය සිරුර ආවරණය කරගෙන සටින පෝස්ටරයක් නිකුත් වී ඇතැයි වාර්තා වේ.

කේ සී බොකඩියාගේ "Dirty Politics" නමැති චිත්‍රපටයේ  ප්‍රචාරක දැන්වීම එලෙස නිකුත් වී ඇත.

මල්ලිකා ෂෙරාවත් ජාතික කොඩියට සමාන රෙද්දකින් නිරුවත වසාගෙන ආරක්ෂක රථයක වහලය මත නැග සිටින ආකාරය එම පෝස්ටරයේ දැක් වේ.

එම පෝස්ටරය සබන්ධයෙන් මේ වනවිට විවිධ මතවාද ඉදිරිපත් වී ඇති අතර ඇතැම් දේශපාලන පක්ෂ එම පෝස්ටරයට එරෙහි නීතිමය පියවර ගැනීමට නියමිත ය.

එම පෝස්ටරය මගින් ඉන්දියාවේ ගෞරවයට හානියක් නොවන බව එහි අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

Rate this item
(1 Vote)