April 25, 2024

ඔබාමාගේ මාධ්‍ය ලේකම් අසුන හිස් වෙයි

වසර 03 ක් ඔබාමාගේ ප්‍රධාන ප්‍රකාශකයා ලෙස කටයුතු කළ හිටපු ජනමාධ්‍යවේදියකු වූ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජේ කාර්නි සිය තනතුරෙන් පසුගිය දා ඉල්ලා අස් ව ඇත.

ඔහුගෙන් අනතුරු ව නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ජොෂ් අර්නස්ට් තනතුර භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.

49 හැවිරිදි කාර්ති මීට පෙර ටයිම් සඟරාවෙන් අස්වීමෙන් අනතුරු ව උප ජනාධිපති ජෝ බිඩන්ගේ මාධ්‍ය ලේකම් ලෙස සේවය කර ඇත.

කාර්නි සිය සමීපතම මිතුරෙක් බව දිනපතා ධවල මන්දිරයේ පවත්වන සුපුරුදු මාධ්‍ය හමුවක දී අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කර තිබේ.

ඔහු නොමැතිවීම තමාට විශාල පාඩුවක් බවත් තමාගේ උපදේශකයෙකු වශයෙන් ඔහු කටයුතු කරාවි යැයි තමා අපේක්ෂා කරන බවත් ඔබාමා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)