April 19, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ලංකාවේ භාගයකටම විදුලිය දිය හැකි ඉන්දියාවේ නාගර්ජුන සාගරය

නාගර්ජුන සාගරය මෑත ඉතිහාසයේ මිනිසුන් විසින් බර යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව තනන ලද විශාල ජලාශයකි. මේ අන්දමින් බර යන්ත්‍රෝපකරණ රහිතව තනන ලද කෘතිම ජලාශ වලින් මෙම නාගර්ජුන සාගරය අග්‍රස්ථානයේ පවතින බව  විද්වතුන්ගේ අදහස වී තිබේ. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්ථයේ පිහිටා ඇති නාගර්ජුන සාගරය 1955 දී වැඩ ආරම්භ කොට 1967 දී වැඩ නිමකරන ලද්දකි. එවකට ඉන්දියාව පිටරටින් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ මුදල් හිඟයකින් පෙළුන හෙයින්ද බොහෝ ජනයාට සෙත සැලසෙන කර්මාන්තයක් වූ හෙයින්ද නාගර්ජුන සාගරයේ වැඩ ආර්ම්භ කරන ලද්දේ එවකට අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු මහතා විසින් 1955 දෙසැම්බර් මස 10 වෙනිදාය. එම මහා සාගරයක් බඳු නාගර්ජුන සාගර් විවෘත කරනු ලබන්නේ 1967 දී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනිය විසිනි. 

1. නාගර්ජුන ජලාශයේ පිටවාන

 නාගර්ජුන සාගරය කෙතෙක් විශාලදැයි දැනගන්නට අපිට සැපයෙන එක් ඉඟියක් නම් එයින් ජලය නිකුත් වෙන වම් සහ දකුනු ඇලයි. එහි දකුණු දිග ඇලෙන් කිලෝමීටර 204 දිගට යනතෙක් කෙත්වතු සාර කරමින් ජල විදුලිය උපදමින් ජලය ගෙනියන අතර වම් ඇලෙන් කිලෝමීටර 290කටත් වඩා දුරකට ජලය ගෙනයනු ලැබේ.මෙම වම් සහ දකුනු ඇලවල් දෙකෙන්ම අතර මගදී ජල විදුලිය උත්පානය කරනු ලබයි. එතරම් විශාල ජලාශයකි මේ නාගර්ජුන සාගරය. 

මෙහි ඉදිකිරීම් උස මීටර 150ක් පමණ වන අතර මීටර් 1600ක් පමණ මෙම වේල්ල දිගු වේ. මෙයින් ලැබෙන ජලයෙන් වර්ග කිලෝමීටර 5000කට අධික වපසරියක ඇති වගා කටයුතු වලට ජලය සැපයේ. මේ මහා වේලි කර්මාන්තය හේතුවෙන් ජලයේ ගබඩා කරගත් විභව ශක්තියෙන් මෙගාවොට් 800ක ධාරිතාවයක ජල විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවද ඇත. (ලංකාවේ දැනට නිපදවෙන සමස්ථ ජල විදුලිය ධාරිතාව මෙගාවොට් 1500කි) 

Official name - నాగార్జునసాగర్ ఆనకట్ట - Nagarjuna Sagar Dam   

Location  - Nalgonda/Guntur districts, Andhra Pradesh   

Coordinates  - ____°′°′16°34′32″N 79°18′42″ECoordinates:  ____°′°′16°34′32″N 79°18′42″E   

Construction began  - 10 December 1955   

Opening date  - 1960   

Construction cost   - 1300 crore rupees   

Dam and spillways   

Impounds  - Krishna River   

Height  -124 metres (407 ft) from river level   

Length  -1,550 metres (5,085 ft)   

Reservoir   

Creates  - Nagarjuna Sagar Reservoir   

Total capacity  - 11,560,000,000 m3 (9,371,845 acre·ft)   

Active capacity   -5,440,000,000 m3 (4,410,280 acre·ft)11[1]   

Catchment area   -215000 km² (83012 sq mi)   

Surface area  - 285 km2 (110 sq mi)   

Power station   

Commission date -1978-1985   

Turbines - 1 x 110 MW Francis turbines, 7 x 100.8 MW reversible Francis turbines   

Installed capacity  - 816 MW 

මේ විකි පිටුවේ තොරතුරු වලින් නාගර්ජුන සාගරය ගැන සංඛාත්මක තොරතුරු ඔබට පහසුවෙන් බලාකියා ගත හැකිය.  

නාගර්ජුන කොන්ඩ 

මේ නාගර්ජුන යන නාමය ක්‍රිස්තු වර්ෂ 225ත් 325ත් අතර මේ පලාතේ විසූ ප්‍රකට බෞද්ධ ස්ථානයක නමකි. නාගර්ජුන කොන්ඩ යනුවෙන් හැදින්වෙන්නේ නාගර්ජුන කන්ද යන අදහසයි. කොන්ඩ යනු තෙලිඟු බසින් කන්ද හෝ ගිරිහිස 

හැඳින්වීමට යොදන වචනයකි. අප කොන්ඩ කැවුම් යැයි පාරම් බාමින් කන්නේ පුරාණයේ තෙළිඟු කෑමක්දයි දන්නේ නැත. නාගර්ජුන කොන්ඩ නැමැති මේ ස්ථානය ආසන්න නාගර්ජුන සයුරටද කොටසක් යටවූ බෞද්ධ නටඹුන් රාශියක් ස්ථානගතව ඇත. මේ කාල ප්‍රාන්තරය සලකා බලන විට ලංකාවේ රජවරු කිහිප දෙනෙක්ම සිට ඇති අතර එයින් මහසෙන් රජතුමා ප්‍රකට රජෙකි. නාගර්ජුන කොන්ඩ නැමැති මේ ස්ථානයේ තිබූ විශ්ව විද්‍යාලයකින් බෞද්ධ ධර්මය බෙදාහල බවත් එකල ‍මෙහි බෞද්ධ ශිෂ්ඨාචාරය බලවත්ව පැවති බවත්  කැණිම් වලදී හමු වූ පුරාවස්තු අධ්‍යන වලින්‍ පෙනී යයි. 

2. මේ බුදුපිළිම වහන්සේ නාගර්ජුනකොන්ඩ නැමැති ස්ථානයෙන් සොයාගන්නා ලද පුරාවස්තු අතර ප්‍රකට එකකි. 

උක්ත නාගර්ජුන සාගරය තැනීමේදී මේ බොදු පුරාවස්තු ඇති බිමෙන් කොටසක් වතුරට යට වන බව පෙනි ගොස් තිබේ. ඉන් පසු‍ මේ විහාරාරාම ආදිය උගුල්ලුවා ගෙන ගොස් වෙනත් තැනක පිහිටවන්නට ඉන්දීය බලධාරින් ක්‍රියාකොට ඇත. පුරාවස්තු සියල්ලම උගුල්ලුවා නැවත පිහිටුවා ඇතැයි සිතන්නට බැරි වුවත් බොහෝ ඒවා නැවත ප්‍රතිනිර්මාණය කොට ඇති බවක් ආරංචි මාර්ග බැලූවිට පෙනී යයි. 

3.නාගර්ජුනකොන්ඩ විහාරයේ පුරාවස්තු කිහිපයක්

මේ නාගර්ජුන සයුර ඉන්දීය ඉන්ජිනේරු ශීල්පින්ගේත් මහජනයාගේත් ධෛර්ය විදහාපාන එක්තරා නිමැවුමකි. නාගර්ජුන සයුර තැනීමට ඉන්දීය පුරවැසියන් 45,000ත් 70,000ත් අතර පිරිසක් දොලොස් වසක් තිස්සේ වෙහෙස වී ඇත. එහිදී උණ බම්බු වලින් තැනූ විශාල අට්ටාල මත සිට ගල් සහ කොන්ක්‍රීට් ප්‍රවාහනය කරමින් ඉතා වෙහෙසකර පසුබිමක මේ කම්කරු පිරිස සිය දෑ‍තේ ශ්‍රමය වගුරුවමින් මේ නාගර්ජුන සයුර වෙනුවෙන් දහඩිය හෙලන්නට ඇත. මේ ඉදිකිරීම් කර්මාන්තය අතර හදිසි අනතුරුවලින් මනුෂ්‍යයින් 175ක් පමණ මරණයට පත්වූ බව ද වාර්ථාවල සඳහන් වෙයි. 

4.නාගර්ජුන සයුර තනන අවස්ථාවේ ගත් දුර්ලභ පැරනි සේයාරුවක්. 

මේ ඉන්දීය විශ්වකර්ම කර්මාන්තය හේතුයෙන් ලංකාව තරම් වූ විශාල වපසරියක මනුෂ්‍යයින්ට එකල විදුලිය බලය බෙදාදීමේ අවස්ථාව ලැබි තිබුනි. මේ හරහා නල්ලමල වනාන්තරයෙන් පෝෂනය වූ  ක්‍රිෂ්ණා නදියේ ජලය මිනිස්සු රාශියකට වැදගත් වන ආකාරයට පරිභෝජනය කිරීමේ මහගු අවස්ථාවක් පහල විය. ‍මෙයින් අපිට ලබාගත හැකි ආදර්ශයක් නම් ජනතාව විශාල ප්‍රමාණයක් රක්ෂා නැතිව සිටින අවස්තාවක විශාල යන්ත්‍රෝපකරණ සහ නවීන තාක්ෂනය මතම යැපෙන්නේ නැතිව මනුෂ්‍ය ශ්‍රමය භාවිත කරමින් වඩාත් සමාජයට ඵලදායී ලෙස විශාල සංවර්ධන ව්‍යාපෘති සිද්ධ කිරීමයි. ඒ හරහා සංවර්ධනය සඳහා යෙදවෙන මහා ධනස්කන්ධයේ සැලකිය යුතු කොටසක් අදාල සමාජයේ දුප්පත් ජනතාව අතරම බෙදී යයි. අනාගතයේ මේ වාරිකර්මාන්ත ආදියේ ප්‍රතිලාභ ලබන්නෝද ඒ මහා වාරිකර්මාන්ත තැනීමට ශ්‍රමය දුන් ඒ අසබඩ ජනතාව නිසා ඔවුන් වඩාත් භක්තියෙන් සහ ගෞරවයෙන් එම කර්මාන්ත දෙස බැලීමටද මෙය හේතුවක් කොට ගනු ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 02 June 2014 13:17