April 19, 2024

2016 දී පාකිස්ථානයට නව ගල් අඟුරු බලාගාරයක් 

ගල් අඟුරු බලාගාරයක් 2016 වසරේ සම්පූර්ණ කරන බව පාකිස්ථානයේ අගමැති නවාස් ශරීෆ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මෙගා වොට් 1320 ක විදුලි ධාරිතාවක් ඉන් නිකුත්වන බව වාර්තා වේ.

එහි දියුණුව සඳහා පංජාබ් රජය සහ චීන ආයතන කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

එම ව්‍යාපෘතින ඉදිරි වසර දෙක තුළ සම්පූර්ණ කරන බව අගමැතිවරයා සඳහන් කළේ ය.

පාකිස්ථාන රුපියල් බිලියන 55 කට අධික ගොඩබිම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති කරච්චි ලාහෝර් ගමනාගාමන මාර්ගයේ වැදගත්කම සම්බන්ධයෙන් ද ඔහු එහි දී අදහස් දැක්වී ය.

එම බලාගාරය විවෘත කිරීමෙන් රටේ සිටින ජනතාවට රැකියා අවස්ථා රැසක් උදාවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)