April 25, 2024

Facebook ආධාරයෙන් හොරු අල්ලයි

හෙදියක සේ වෙස්වලාගෙන කැනඩාවේ රෝහලකට පැමිණි කාන්තාවක්  දිනක් වයැසැති බිළිඳෙකු පැහැරගෙන යාමේ පුවතෙන් අනතුරු ව Facebook ආධාරයෙන් එම බිළිඳා පැහැරගත් කාන්තාව සහ බිළිඳා සොයා ගැනීමේ පුවතක් කැනඩාවෙන් වාර්තා වේ.

කැනඩාවේ කුබේස්හි ට්‍රොයිස් ගංගාව ආසන්නයේ පිහිටි රෝහලකින් එසේ එම බිළිඳා පැහැරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි කර ඇත. 

අනතුරු ව ඒ  සම්බන්ධ පුවතක් අදාල කාන්තාවගේ ජායාරූපයක් ද සමග (ආරක්ෂක කැමරාවල සටහන් ව තිබූ) Facebook ගිණුමක දමා තිබේ. එහි එම කාන්තාවගේ මෝටර් රථයේ අංකය ද සඳහන් කර ඇත.

සිය Facebook ගිණුමෙන් එය දැක ගත් වයස අවුරුදු 13ත් 19ත් අතර වයසේ පසුවන ගැහැණු ළමුන් තිදෙනෙකුට තමන් දැක පුරුදු සිය නිවස අසළ කාන්තවක දැයි සැක සිතී ඇය ගැන සෝදිසි කර තිබේ. 

එහි දී අනාවරණය වී ඇත්තේ අදාළ මෝටර් රථය එම නිවසේ ඇති බවත් අනතුරු ව පසුව ඔවුන් ඒ බව පොලීසියට දන්වා එම බිළිඳා නිදහස් කරගෙන ඇති බවත් ය.

අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)