April 20, 2024

නිකුත්වූ සංඥා කළු පෙට්ටියේ නොවේ

අතුරුදන් වූ මැලේසියා ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බව කියන සංඥා එම කළු පෙට්ටියන් නිකුත් වූ ඒවා නොවන බව ඇමරිකානු  නාවික හමුදාව පෙන්වාදී ඇත. වෙනත් උපකරණයකින් මේවා නිකුත්වී ඇති බවත් සංඥා අතුරුදන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වුවා නම් සෙවිමේ කටයුතුවල නිරත කණ්ඩායමට එය සොයා ගැනීමට හැකියාව තිබූ බවත් ඔවුන් පවසයි.මේ අනුව  සංඥා නිකුත්වූ බවට අදහස් කිරීමත් සමග සෙවීම් කටයුතු කිලෝ මීටර 1600 කට සීමා කිරීම මතබේදයට තුඩුදී ඇත.

මේ අතර අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය අනතුරට පත්වූයේ එහි කොටස් ඇති බවට කලින් විශ්වාස කළ ඉන්දියන් සාගරයේ දකුණු කලාපය නොවන බව ඔස්ට්‍රේලියන් නිලධාරීහු ප්‍රකාශ කරති.ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත්වූ බවට සැලකෙන ශබ්ද තරංග ඔස්සේ කුඩා සබ්මැරීනයක් මගින් මුහුදු පතුල සෝදිසි කරන ලදී.

 

Rate this item
(0 votes)