පාකිස්තානයේ දී අමෙරිකානු වෛද්‍යවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පන්ජාබයේ රබ්වා නගරයේ සුසාන භූමියකට ගොස් එන අතරතුර ඔහුට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු බව වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර පාකිස්තානයට පැමිණි එම අමෙරිකානු වෛද්‍යවරයා හදවත් රෝගීන්ට නොමිලේ ප‍්‍රතිකාර ලබාදීමේ සායන කිහිපයකට සහභාගී වී ඇත.