April 23, 2024

අල් සිසීට දැවැන්ත ජයක්

ඊජිප්තුවේ හිටපු හමුදා ප‍්‍රධානී අබ්දුල් ෆටා අල් සිසී එරට ජනාධිපතිවරණයෙන් දැවැන්ත ජයග‍්‍රහණයක් අත් කරගෙන සිටින බව මූලික ප‍්‍රතිඵලවලින් අනාවරණ වී ඇත.

ඡන්ද මධ්‍යස්ථාන 12,000 කින් 2,000 ක ඡන්ද ප‍්‍රතිඵලවලට අනුව අල් සිසීට හිමි ව ඇති ඡන්ද ප‍්‍රතිශතය 90% කට ආසන්න බව වාර්තා වේ.

ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතය 45% කට අඩු මට්ටමක පැවති අතර විපක්ෂ කණ්ඩායම් රැසක් ජනාධිපතිවරණය වර්ජනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉකුත් ජූලි මාසයේ දී මොහොමඩ් මොර්සිගේ රජය පෙරළා දැමූ අල් සිසී ඊජිප්තුවේ පාලන බලය සියතට ගත් අතර මොහොමඩ් මොර්සි මෙන් ම ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)