April 20, 2024

එබෝලා වෛරසය 04 ක් බිල ගනී

සයිරා ලියෝන්ස්හි (Sierra Leone) එබෝලා (Ebola) වෛරසය හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙක් මරණයට පත් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර කයිලාහුන් (Kailahun) ප්‍රදේශයේ පදිංචි පිරිසක් එලෙස මරණයට පත් ව තිබේ.

එම වෛරසය මාර්තු මාසයේ පැතිරීම ආරම්භ කර ඇති අතර එමගින් තවත් පුද්ගලයින් 145 දෙනෙක් මරණයට පත් ව ඇතැයි වාර්තා වේ.

ලොව මාරාන්තික වෛරසවලින් එකක්වන එබෝලා වෛරසය සඳහා කිසිඳු එන්නතක් හෝ ඖෂධයක් නොමැත.

මිනිසුන් සහ සතුන් මගින් ව්‍යාප්තවන එම එබෝලා නමැති වෛරසය ශරීරගත වූ පුද්ගලයින්ගෙන් 90% ක් මරණයට පත්වන බවට අනාවරණ වී තිබේ.

Rate this item
(0 votes)