March 29, 2024

මෝඩි අද දිවුරුම් දෙයි

ඉන්දියාවේ 15 වැනි අගමැතිවරයා වශයෙන් නරේන්ද්‍ර මෝඩි අද පස්වරු 06.00 දිවුරුම්දීමට නියමිතයි.

ඔහු භාරතීය ජනතා පක්ෂ ලෝක් සභා ඡන්ද විමසීමෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය හමුවේ නව අගමැතිධුරය සඳහා තේරී පත් ව තිබේ.

සාර්ක් කලාපීය රටවල නායකයින් ඇතුළු විදේශ රටවල ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් ඒ සඳහා සහභාගීවීමට නියමිතයි.

පාකිස්ථාන අගමැති නවාස් ශරීබ් සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නායකයින් 4,000 ක් ඒ සඳහා සහභාගී වේ.

63 හැවිරිදි නරේන්ද්‍ර මෝඩිගේ එම සම්ප්‍රාප්තිය සඳහා සිය ධුරය භාරදීමට සිටින මන්මෝහන් සිං, මෝඩිගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ කොන්ග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, උප නායක රාහුල් ගාන්ධි සහ පක්ෂ විපක්ෂ නියෝජිතයෝ රැසක් ඒ සඳහා සහභාගී වෙති.  

Rate this item
(0 votes)
Last modified on Monday, 26 May 2014 13:13