April 18, 2024

ලිබියානු පාර්ලිමේන්තුවට ප‍්‍රහාරයක්

ලිබියාවේ අගනුවරවන ති‍්‍රපොලි නගරයේ පිහිටි පාර්ලිමේන්තු පරිශ‍්‍රයට අවි ගත් පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අඛණ්ඩ ව වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එහි දී පාර්ලිමේන්තුව තුළ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිටතට දිව ගොස් ඇත.

එම ප‍්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත් ව තවත් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයක දී ම ලිබියානු පාර්ලිමේන්තුවට නාදුනන තුවක්කුකරුවන් ප‍්‍රහාර එල්ල කර ඇත.

Rate this item
(0 votes)