April 25, 2024

සර්බියාවේ 'ගංවතුර රැල්ල' 

සර්බියාවේ සතියක් මුළුල්ලේ පැවති දැඩි වැසිවලින් අනතුරුව බටහිර බෝල්කන් කලාපයේ හටගත් නායයෑම් හා ගංවතුර හේතුවෙන් 20 දෙනකුවත් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සර්බියාවේ සාවා ගංගාව පිටාර ගැලීම හේතුවෙන් 'ගංවතුර රැල්ල' නමින් ඔවුන් හඳුන්වන තත්ත්වයට මුහුණ දීමට සැරසෙමින් සිටින බව සහන සේවකයෝ පවසති.

මේ වනවිට සර්බියාවේ අගනුවර වර්ෂාපතනය අඩු වී ඇති නමුත් අසල්වැසි ක්‍රොයේශියාවේ සහ බොස්නියාවේ වැසි ජලය සාවා ගංගාවට එක්වනු ඇතැයි අපේක්ෂිත බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

 

Rate this item
(0 votes)