April 16, 2024

සමලිංගික බිෂොප් දික්කසාද වෙයි 

අමෙරිකානු එපිස්කෝපල් පල්ලියේ බිෂොප්වරයා තමා සමලිංගිකයෙක් බව ප්‍රථම වතාවට විවෘත ව සඳහන් කර තිබේ.

හෙතෙම වසර 25 ක් ජීවත් වූ සිය සහායකයාගෙන් දික්කසාද වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගෙන් වෙන්වීමට පෞද්ගලික කරුණු බලපෑ බවත් සිය සහකරුවාට තවමත් තමා ගරු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

2003 වසරේ සිවිල් විවාහ උත්සවයක දී ඔවුන් විවාහ වී තිබේ.

ජීන් රොබින්සන් බිෂොප්තුමා 2003 වසරේ දී පදවියට පත්වීම හේතුවෙන් ලෝක ඇන්ග්ලිකන් ප්‍රජාව අතර බෙදීමක් සිදු වූ බව වාර්තා වේ.

Rate this item
(0 votes)