April 20, 2024

වායු දූෂණයක් අඹු සැමියන් වෙන් කරයි

චීනයේ අගනුවර පවතින වායු දූෂණයෙන් මිදීම සඳහා සිය දරුවන් සමග ගම්බද දූපතකට ගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇයගෙන් වෙන්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භෞතික ව දුරස්වීම හේතුවෙන් මානුෂික සම්බන්ධතා ද ඈත්වන බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

2008 වසරේ දී විවාහ වූ ඔවුන්ට වසර 02 කින් අනතුරු ව පුත්‍රයෙක් ලැබී ඇත.

කෙසේ වුව ද සිය සැමියාගෙන් වෙන්වීමට ඇය අකමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)