April 24, 2024

අවසාන බලාපොරොත්තුව කිමිදුම්කරුවන් 

දකුණු කොරියානු ජනපති පාර්ක් ගෙඋන් හයි මීට සති තුනකට පෙර මුහුදුබත් වූ කොරියානු නැවේ සිට අතුරුදහන් වූ මගීන්ගේ ඥාතීන් හමු වී ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

කොරියානු ජනපතිගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද එම හැගීම්බර හමුවේ දී අනතුරට වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබා දෙන බවට ජනපති ඥාතීන් හමුවේ ප්‍රතිඥා දී ඇති බව වාර්තා වේ.

ශෝකයෙන් පසු වන ඥාතීන්ගේ අවසාන බලාපොරොත්තුව කිමිදුම්කරුවන් බව ජනපති පාරක් ගෙඋන් අනතුර සිදු ජින්ඩෝ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් කිමිදුම් කරුවන් හමු වී පවසා තිබේ.

කොරියානු ගිලුණු නැව තුළ තිබී මෘත ශරීර 244ක් මේ වනවිට සොයා ගෙන තිබේ. ඒ අතරින් වැඩි පිරිසක් පාසල් සිසුන් වන අතර ඉතිරි හැට දෙනෙකු පමණ පිරිස පිළිබඳ තවමත් තොරතුරක් නොමැති බව එරටින් වාර්තා වේ.

Rate this item
(0 votes)