April 20, 2024

කල් තැබීමේ යෝජනාවක්

ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණය කල් තබන මෙන් තායිලන්ත විපක්ෂය ඉල්ලා ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

එහෙත් එම ඉල්ලීම තායිලන්ත ආණ්ඩුවේ ඇමතිවරයකු විසින් බැහැර කර ඇත.

අගමැතිනි යින්ලුක් සිනවත් පදවියෙන් ඉවත්ව, භාරකාර ආණ්ඩුවක් යටතේ මාස හයකට පසුව මහමැතිවරණය පවත්වන ලෙස විපක්ෂ නායක අභිෂිත් විජ්ජාජීව ඉල්ලා සිටි බව වාර්තා වේ.

සෙනේට් සභාවේ ප්‍රධානියා වැනි මධ්‍යස්ථ නායකයකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන තාවකාලික පරිපාලනයක් යටතේ මාස හයක කාලයකට පසුව මහමැතිවරණය කැඳවිය යුතුය යන්න විපක්ෂ නායකයාගේ යෝජනාව වන අතර එම යෝජනාව අනුව අගමැතිනි යින්ලුක් සිනවත් පදවියෙන් ඉවත් විය යුතුව තිබේ.

Rate this item
(0 votes)