April 20, 2024

හොඳ ම නිළිය දීපිකා 

2014 අයිෆා සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය “බාග් මිල්කා බාග්“ චිත්‍රපටය හිමි කරගෙන තිබේ.

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ තම්පා‍බේහි පැවැති එම සම්මාන උළෙලේ දී හොඳ ම නළුවාට හිමි සම්මානය “බාග් මිල්කා බාග්“ චිත්‍රපට‍යේ රඟපෑ ෆර්හාන් අක්තාර් දිනාගනු ලැබී ය.

හොඳ ම නිළියට හිමි සම්මානය චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ රඟපෑ දීපිකා පදුකොන්ට හිමි ව ඇති අතර හොඳ ම සහාය නිළියට හිමි සම්මානය “බාග් මිල්කා බාග්“ චිත්‍රපටයේ රඟපෑ ප්‍රකට නිළි දිව්‍යා දත්තා හිමිකර ගත්තා ය.

හොඳ ම සහාය නළුවාට හිමි සම්මානය “යේ ජවානි හේ දිවානි“ චිත්‍රපට‍යේ රඟපෑ ආදිත්‍ය රෝයි  දිනා ගත් අතර හොඳ ම තිර පිටපතට හිමි සම්මානය “බාග් මිල්කා බාග්“  චිත්‍රපටයේ තිරපිටපත වෙනුවෙන් ප්‍රසූන් ජෝසි හිමිකර ගත්තේ ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 April 2014 11:03