March 28, 2024

ක්‍රිමියා යෝජනාවට රුසියාවේ නිශේධ බලය  

ක්‍රිමියාව යුක්රේනයෙන් ඉවත්ව රුසියාවට එක්විය යුතු ද යන බටහිර රටවල මෙහෙයවීමෙන් එක්සත්ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට එරෙහිව රුසියාව නිශේධ බලය පාචිච්චි කොට ඇත.

 

ක්‍රිමියාව යුක්රේනයෙන් ඉවත්ව රුසියාවට එක්විය යුතු ද යන තීරණය ගැනීම පිණි අද පැවැත්වෙන ජනමත විචාරණය හෙලා දැකීමින් එය නීති විරෝධි බව ප්‍රකාශ කිරීම පිණිස බටහිර රටවල මෙහෙයවීමෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

චීනය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී ඇති අතර මෙය අවාසානාවන්ත සහ පුදුම තත්ත්වයක් ලෙස ආරක්ෂක මණ්ඩලයේ ඇමරිකානු තානාපති සමන්තා පවර් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු තානාපති විටලි චුර්කින් පැවසුවේ යුක්රේනයේ ව්‍යවස්ථා විරෝධි කුමංත්‍රණය නිසා ඇතිවූ නෛතික රික්තය නිසා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමෙන් පසු ක්‍රිමියාවේ රුසියානු භාෂාව කථා කරන ජනතාවට තර්ජන ඇතැයි රුසියාව පවසයි.

නමුත් ආරක්ෂක මණ්ඩලයේ බ්‍රිතාන්‍ය තානාපති පවසන්නේ රුසියාව සහ යුක්රේනය සාකච්ඡා මගින් සාමකාමී විසදුමක් සෙවීමට ක්‍රියා කළ යුතු බවයි.

 

Rate this item
(0 votes)