April 20, 2024

දකුණු කොරියානු අගමැති ඉල්ලා අස්වෙයි

දකුණු කොරියානු සියොවුල් නෞකාව අනතුරට ලක්වීම නිසා රජය කටයුතු කළ ආකාරය පිළිබඳ එල්ලවන විවේචන හේතුවෙන් දකුණු කොරියානු අගමැති චුන් හොං-වොං (Chung Hong-won) ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 476 දෙනෙකු රැගත් සියොවුල් නෞකාව පසුගිය අපේ‍්‍රල් 16 වැනිදා සිදුවූ අනතුරෙන් මියගිය 183 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. ඉන් බේරාගැනීමට හැකිවූයේ 174 දෙනෙකු පමණක් බව එරට රජය පැවසී ය. 

අනතුර සහ ජීවිතාරක්ෂක මෙහෙයුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නැවේ කපිතාන්වරයා ඇතුලූ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

 

Rate this item
(0 votes)