March 29, 2024

හමුදාවේ 05කට හෙලිකොප්ටරය මරු කැඳවයි

දකුණු ඇෆ්ගනිස්ථානයේදී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් තම හමුදාවන්ට අයත් පස් දෙනෙක් මියගොස් ඇති බව නේටෝ සංවිධානය විසින් මෙහෙයවනු ලබන ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර හමුදාව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගොස් ඇත්තේ කුමන ජාතීන්ට අයත් හමුදා සාමාජිකයන් ද යන්න හෙළිකරගෙන නොමැති අතර එම යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ සිටින ජාත්‍යන්තර හමුදා මේ වසර අවසානය වන විට ඉවත් කිරීමට නියමිත බවත් ඔවුන් සිදු කළ බොහෝ මෙහෙයුම් දැනටමත් ඇෆ්ගනිස්ථාන හමුදාවට පවරා ඇති බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)