April 20, 2024

බිරින්දෑවරු 39ක් සිටින සිඹන්ගාකා 

බිරියන් 39 දෙනෙක් හා දරු මුනුපුරන් 127 දෙනෙක් සිටින ඉන්දියාවේ මිසෝරම් ප්‍රාන්තයේ ග්‍රාම නායක සිඹන්ගාකා චානා එරට මැතිවරණයක දී ඉතාම වටිනා ම ඡන්ද දායකයා ලෙස පිළිගෙන තිබේ.

මැතිවරණයක් ආසන්න වූ විට කාමර 100 කට අධික ඔහුගේ සුවිශාල නිවෙසට සෑම පක්ෂයක ම දේශපාලනඥයෝ පැමිණෙන බව වාර්තා වේ.

160 කට අධික පිරිසක් වාසය කරන එම නිවෙසේ වැසියන් සියලු දෙනා එක ම පක්ෂයකට හා එක ම අපේක්ෂකයකුට එකවර ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් තමන්ගේ ඡන්දය තීරණාත්මක එකක් යැයි සිඹන්ගාකා පවසයි.

රටේ දියුණුව වෙනුවෙන් යහපත් පාලනයක් සිදු කරන පිරිසුදු පාලනයක් තමා අපෙක්ෂා කරන බව ඔහු සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)