April 20, 2024

ෂියා මැතිවරණ රැළියකට බෝම්බ ප්‍රහාරයක් 

ඉරාකයේ, බැග්ඩෑඩ් අගනුවර ඊයේ පැවති ෂියා මැතිවරණ රැළියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙක් මරණයට පත් ව ඇත.

එම ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයට සතියක් පවතිද් දී අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් එම ප‍්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2008 වසරේ පැවති ආකාරයේ දරුණු තත්ත්වයක් මේ වනවිට ඉරාකය තුළ  නිර්මාණය වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 April 2014 09:27