April 25, 2024

මිෂෙල්ට කුඩා දැරියකගෙන් ජීව දත්ත වාර්තාවක් 

චාලට් බෙල් නමැති 10 හැවිරිදි දැරිය අමෙරිකානු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා හට සිය පියාගේ ජීව දත්ත වාර්තාවක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය පියාට රැකියාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇය එම ජීව දත්ත වාර්තාව භාර දී තිබේ.

2012 වසරේ අමෙරිකාවේ ජනාධිපතිවරණයට එම දැරියගේ පියා සේවය කර ඇති අතර ඇයගේ මව පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවක නිරත ව සිටී.

එම දැරියගේ මවගේ නම ප්‍රසිද්ධ කිරීමට ඇය අකමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)