April 19, 2024

සුන්බුන් අතුරුදන් යානයේ නොවේ

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට දකුණින් වූ වෙරළ තීරයට ගෙඩගසා ඇති සුන්බුන් අතුරුදන් MH370 යානයේ කොටස් නොවන බව තහවුරු වී ඇති බව බලධාරීහු පවසති.ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය සුන්බුන්වල ඡායාරූප පරීක්ෂා කිරීමෙන් අනතුරව ඒවා අතුරුදන් යානයේ සුන්බුන් නොවන බව තහවුරු කර තිබේ.

එම සුන්බුන් කොටස් පර්ත් නගරයට කිලෝමීටර් 300ක් දකුණින් වූ ඔගස්ටා නගරයේදී හමුවී තිබේ. ඒ අතර මීටර් 2.5ක ප්‍රමාණයේ වානේ කොටස් තිබූ බවද කියවුණි.ඒ අනුව, යානයේ අතුරුදන් වීම තවදුටත් අභිරහසක්ව පවතින අතර, ඒ සම්බන්ධයෙන් මැලේසියාව වෙනමම විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් සිටියි. මේ අතර ඔස්ට්‍රේලියාවේ මූලිකත්වයෙන් දකුණුදිග ඉන්දීය සාගර කලාපයේ සිදුවන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුවෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 April 2014 12:49