April 20, 2024

චාර්ල්ස් කුමරුගේ මස්සිනා මරුට

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරුගේ බිරිඳවන කැමිලා පාකර්ගේ මාර්ක් ෂාන්ඩ් නමැති සොහොයුරා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් ව ඇතැයි වාර්තා වේ.

අමෙරිකාවේ හෝටලයක් තුළ වැටීමෙන් අනතුරු ව හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් ඔහු මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුණ්‍යායතනයකට මුදල් ලබා ගැනීම සඳහා පැවති වෙන්දේසියකට සහභාගිවීම සඳහා ඔහු අමෙරිකාවට ගොස් තිබේ.

62 හැවිරිදි ඔහු අදාල හෝටලයේ කරකැවෙන දොරකින් ගමන් කිරීමට උත්සහ දැරූ අවස්ථාවේ දී වැටීමෙන් හිස පිටුපසට තුවාළ සිදු ව ඇත.

Rate this item
(0 votes)