March 28, 2024

විශ්ව ව්‍යාප්ත වියමනට වසර 25 යි  

වර්ල්ඩ් වයිඩ් වෙබ් (World Wide Web) හෙවත් විශ්ව ව්‍යාප්ත වියමනට ඊයේ දිනයට වසර 25 ක් සපිරුණු බව වාර්තා වේ.

එය නිර්මාණය කිරීමේ මූලික යෝජනාව බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකුවන බර්නර්ස් ලී ඉදිරිපත් කර ඇත්තේ 1989 වසරරේ මාර්තු මස 12 වැනි දා ය.

ඒ හරහා විශ්වවිද්‍යාල සහ පර්යේෂකයින් අතර දැනුම අන්තර්ජාලය හරහා බෙදා හදා ගැනීම ඔහුගේ මූලික පරමාර්ථය විය.

සිය අදහසට අනුව ක්‍රියාත්මක වූ බනර්ස් ජිනීවා නුවර පිහිටි සර්න් (CERN) භෞතික විද්‍යා පර්යේෂණාගාරයේ දී 1990 වසරේ දෙසැම්බර් 20 වැනි දා ප්‍රථම වෙබ් අඩවිය නිර්මාණය කළේ ය.

එහි අන්තර්ගත වූයේ ඔහුගේ වර්ල්ඩ් වයිඩ් වෙබ් ව්‍යාපෘතිය පිළිබඳ සහ වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්නා ආකාරයයි.

වසර 1993 දී සර්න් ආයතනය වර්ල්ඩ් වයිඩ් වෙබ් සෑම අන්තර්ජාලය පරිහරණය කරන්නෙකුට නොමිලේ ලබාදෙන බව දැනුම් දුන් අතර මේ වනවිට අන්තර්ජාලය තුළ ක්‍රියාත්මකවන වෙබ් අඩවි සංඛ්‍යාව බිලියන ගණනක් වේ.

Rate this item
(0 votes)